පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

එතෙරවෙන ගමනට පිළිවෙත්



පින ඉස්මතු කර ගැනීමේ පුණ්‍ය ගංගාව*
(භාවනාවට උපකාර පිණිස දෙවියන්ට පින් අනුමොදන් කිරීම)



මුලින්ම ඔබ.....
තෙරැවන්සරණ යෑමෙන්
පංච සීලය රැකීමෙන්
ධර්මය සිහි කිරීමෙන්
දන්දීමෙන්
භාවනා කිරීමෙන්
සහ දෛනික කටයුතු වලින් පින් රැස් කරගන්න.


දෙවනුව රැස් කළ පින දෙවියන්ට අනුමෝදන් කරන්න

සවස් කාලයේ තෙරැවන් නැමද
අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියන් ඇතුළු දෙවියනට ඔබ රැස් කළ පින අනුමෝදන් කරන්න.
ඒ මෙසේයි....
අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියන් ඇද්ද ඔබවහන්සේලා ඔය දිව්‍ය ආත්ම ලැබූයේ සසරේ කළ පින නිසාය. මාද මනුෂ්‍ය ආත්මය ලැබුයේ පෙර සසරේ කළ පින නිසාය.
 ඔබවහන්සේලාත් මමත් පින බුක්තිවිඳින අයවේ.
ඔබවහන්සේලාටත් මටත් සැපය පිණිස පවතින්නේ රැස්කරන පිනයි.
පිනෙන් සැප විඳින බව මා දැන ගත්තේ බුදුරජාණන්වහන්සේගේ ධර්මයෙන්.
(අද දවසේ ඔබ කළ පින් මෙනෙහි කර)
මම මේ රැස් කළ පින් සියල්ලම ඔබවහන්සේලා අනුමොදන්ව
සැපයෙන් සැපයට පත්වේවා!
කියා දෙවියන්ට පින් දෙන්න.

ප්‍රාර්ථනය

හෙට දවසේ මට මීටත් වඩා පින් රැස් කිරීමට ඔබ වහන්සේලා උපකාර කළහොත්
මට හෙට දවසේ භාවනාව වඩා හොදින් වැඩිදියුණු කරගැනීමට හැකි වේවි.
මට සීලය හොදින් ආරක්ෂා කර ගැනීමට හැකි වේවි.
ඒ ආකාරයෙන්
මට මීටත් වඩා පින රැස් කරගැනීමට හැකි වුවහොත්
ඔබ වහන්සේලාට මට මීටත් වඩා පින් අනුමොදන් කළ හැකි වේ.
පින රැස්කිරීමට*


සෙමින් ගලන මහා ගඟක් සේ පින රැස් කරන්න...






Share this page