පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

ඥාණවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානය


ඥාණවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානය - අතුරුගිරිය

අතුරුගිරිය නගරයට ආසන්නයේ ඉතා නිසංසල පරිසරයක පිහිටි ඥාණවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානය අවට බෞද්ධ ජනයාගේ සිත් සතන් ශ්‍රී සද්ධර්මයෙන් පොෂණය කරයි.
අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය අසලින් ඥාණවිමල මාවතේ මද දුරක් (කිමී 1/4) පමන යන විට හමුවන මෙම විහාරස්ථානයට වසර 20ක පමන අතීතයක් ඇත.
භාවනා යොගී භික්ෂූන් වහන්සේලා වැඩ ‍වසන මෙම ස්ථානයේ අබිනවයෙන් ඉදිකරන ලද බුදු මැදුර සහ සංඝාවාසය අති රමණීයයි.

අතුරුගිරියේ ඥාණවිමලාභිධාන නායක හිමියන් විසින් ප්‍රදේශයේ ධාන පතිනියකගේන් පරිත්‍යාග කරනු ලැබූ ඉඩමක ආරම්භ කරන ලද මෙම ස්ථානයේ වත්මන් නායක ස්වාමීන් වහන්සේ ලෙස වැඩවසන්නේ කර්මස්ථානාචාර්ය අතිපුජ්‍ය ගස්නාවේ ඤාණානන්ද මාහිමියන්ය.

    
  

  ගස්නාවේ ඤාණානන්ද මාහිමියන්ය